ලොව කොතැනක සිටියත් මෙරට ජනාධිපතිවරයකුට මෙරට පොලිස්පතිවරයා පත් කිරීමේ බලය තිබෙන අතර ඒ අනුව දැනට පොලිස් වැඩ කටයුතු කරගෙන යන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී පැවසීය.
අද වන විට රටේ පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් මත දෙකක් පවතින අතර වහාම පොලිස්පති වරයා කවුද යන්න පිළිබඳ හෙළි කරන්න ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ක්කියන් රාසමානික්කම් අග්‍රාමාත්‍යවරයාගෙන් මෙහිදී ඉල්ලා සිටියේය.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ නොසිටින අවස්ථාවට මෙලෙස චෝදනා කිරීම වැරදි බවත් ජනාධිපතිවරයා තාවකාලිකව පොලිස්පතිවරයා පත් කිරීමට ව්‍යවස්ථා සභාවට දැනුම් දී ඇති බවත්, නමුත් යම් නීතිමය බාධා නිසා එය සිදු කිරීම කළ නොහැකි බවට එම සභාව දැනුම් දී ඇති අතර නමුත් නැවත ඊට අදාළව යෝජනා ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයාට හැකි බවත් මෙහිදී නිමල් ලංසා මන්ත්‍රීවරයා කීය.