ජමීල් අල් – කරෝබි සහ ඔහුගේ බූරුවා ආමන්ඩ් ගාසාතීරයේ ප්‍රසිද්ධව සිටියේ එළවලු වෙළදාමට ය. එහෙත් එන්න ඔහු එලවලු වෙලදාම නතර කර ජලය බෙදා හැරීමට පටන් ගෙන තිබේ. පසුගිය දින නවයේම ඔහු බූරුවත් කැටුව කරන්නේ සරණාගත ගාසා වැසියන්ගේ පිපාසය සංසිදුවාලීමේ සත්කාරය සිදු කරලීමයි. හිරු උදා වීමටත් පෙර අවදි වන ඔහු ජලය වැසියන්ට බෙදා දීමට පටන් ගනී. බූරුවගේ මෙහෙවර එළවළු විකිණීමේදී ට වඩා වැඩි වී ඇති බැවින් බූරුවාට වැඩිපුර ආහාර මල්ලක් ලබා දීමට තරම් ජමිල් කෘතවේදී වී ඇත.

ඔහු තවමත් තිස් හතර හැවිරිදි වියේ පසුවන තරුණයෙකි.

ජමීල් යන අරාබි වචනයේ අරුත සුන්දරයි යන්නය. ගාසා වැසියන්ට ඔහු දැන් සැබෑවටම සුන්දර දසුනකි. ජමිල් සිව් දරු පියෙකි. ඔහු ජලය ලබා දෙන්නේ මුදල් අය නොකරය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *