ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ඊයේ අලුයම කාලයෙහි සිට දවස පුරා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ යළි පහත්බිම් සහ මහා මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර ගමනාගමනයට ද බාධා පැමිණ තිබේ.
ගාල්ල-බද්දේගම පාරේ දංගෙදර, තලාපිටිය, කෝන්ගහ හන්දිය ආදී ප්‍රදේශවල මාර්ග රැසක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබිණි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ මේ වන විට සාමාන්‍ය මට්ටමේ තිබෙන ගිං ගඟේ ජල මට්ටම අධික වැස්සත් සමග ඉහළ යමින් පවතින බව ය.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ පැවසූයේ යළිත් හදිසි ගංවතුර තත්ත්වයක් හෝ වෙනස් ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සියලු සහන සැලසීමට කටයුතු සූදානම් කර තිබෙන බවය.