මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව මේ වන විට පෙත්සම 45 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
මෙම පනත් කෙටුම්පතට යම් සංශෝධන ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බවද කතානායකවරයා නිවේදනය කළේය.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් පසු 3 වෙනිදා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිලිබඳ පණත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. එම පනතට අනුව ජනාධිපතිවරයා පත් කරන කොමිසමේ නියෝග මත සමාජ මාධ්‍ය ගිණුම් ඇතුළු ඕනෑම ඔන්ලයින් ප්‍රකාශනයක් තහනම් කිරීමට හා අවහිර කිරීමටත් එම ප්‍රකාශන සම්බන්ධයෙන් සිරදඩුවම් නියම කිරීමට නීති පැනවීමට යෝජනා කර තිබේ