පසුගිය සතියට සාපේක්ෂව මෙරට වෙළඳපොලේ රන් පවුමක මිල රුපියල් හත් දාහකට ආසන්න ගණනකින් ඉහළ ගොස් තිබේ.
විදේශීය වෙළඳ පොලේ රත්තරන් මිල ඩොලර් 100 ට වැඩි අගයකින් ඉහළ යාමයට හේතුව වී ඇත.
ඒ අනුව කැරට් 22 සහ කැරට් 24 රන් පවුමක මිල එලෙස සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබෙන අතර කැරට් 24 රන් පවුමක් රුපියල් 1,73,000 පමණ මිලකට මේ වන විට අලෙවි වේ. ඊශ්‍රායලය හා පලස්තීනය අතර පවතින යුධමය තත්වය රන් මිල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව ආරංචි මාර්ග අනාවරණය කරයි.