ඊශ්‍රායල් – පලස්තීන යුද ගැටුමට කඩිනමින් සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන මෙන් සියලු පාර්ශවකරුවන්ගෙන් මෙන්ම සාමකාමී විසඳුමක් සදහා ක්ෂණික මැදිහත්වීමක් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිමට අදාළව සභාව කල්තැබීමේ විවාදයක් අද පෙරවරු 9 සිට පස්වරු පහයි තිහ දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ.
මේ පිළිබඳව තීරණය වූයේ ඊයේ හවස පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී ය.
මෙම කල්තැබීමේ විවාදය පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල විසින් ඉදිරිපත් කරන ලදී. එකී යෝජනාව ගම්මන්පිල මන්ත්‍රීවරයා විපක්ෂය වෙනුවෙන් ඉදිරිපත් කිරීමෙන් පසුව ආණ්ඩු පක්ෂය විසින් ස්ථිර කිරීමට ද තීරණය විය.