මූල්‍ය සමාගම බංකොලොත් කළ පුද්ගලයකු මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට පත්කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය. මෙය ව්‍යවස්ථා සභාවෙන් කර ඇති බවද එම සභාවේ කටයුතු පිළිබද අවශ්‍යනම් තමාට කරුණු දැක්විය හැකි බව ද දිසානායක මන්ත්‍රීවරයා පැවසීය.

ව්‍යවස්ථා සභාවේ කටයුතු පිළිබඳ තමාට කීමට ඕනෑ තරම් කරුණු තිබෙන බව ද හෙතෙම කීය. ව්‍යවස්ථා සභාව කලු ද සුදු ද යන්න රට දැනගත යුතු යැයි ද අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *