අකාලයේ අප අතරින් වියෝ වූ ජැක්සන් ඇන්තනී නම් වූ විශිෂ්ට රංගධරයාගේ මරණය හා ශල්‍ය කර්මය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශය හෝ කොළඹ ජාතික රෝහල පුළුල් විමර්ශනයක් කළ යුතුව ඇතැයි ආචාර්ය සෝමරත්න දිසානායක පවසයි.
ඔහු මෙසේ කියන්නේ ජැක්සන් ඇන්තනී කලා කරුවා අනුරාධපුර රෝහලෙන් කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ආ පසුව සිදු වූ කරුණු සැලකිල්ලට ගනිමිනි.
එදා අනතුරුව වූ දා අපි අනුරාධපුර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට රැගෙන එද්දී පසුදා පාන්දර හතරට වගේ වුණා. ඇත්තටම එදා දවසේ ජැක්සන් ශල්‍යකර්මයට ගත්තේ නෑ. ඒ වගේම පහුවෙනිදා ඒ ශල්‍යකර්මයට සූදානමින් සිටි ස්නායු ශල්‍ය වෛද්‍යවරයා ඒ සඳහා සම්බන්ධ කර ගත්තෙත් නෑ. ඒ වෛද්‍යවරයා ශල්‍යකර්මයට සූදානම් ඒ ඇදුම් පැලදුම් වලින් පවා සූදානම් වෙලා සිටියා. ඒ බව මම දැක්කා”
” ඒත් ඒ ස්නායු ශල්‍ය වෛද්‍යවරයාගේ සේවය ලබා නොගැනීම ගැන විවිධ කතා අපට එදත් ඊට පසුවත් ඇසෙනවා. ඇයි එහෙම වුණේ? අපි මේවා දැන ගන්න ඕනේ. ඒ නිසා ඒ පැහැදිලි කිරීම කොළඹ ජාතික රෝහල කළ යුතුයි” ආචාර්ය සෝමරත්න දිසානායක වැඩිදුරටත් කියයි.