ජනතාවට අනතුරක් නොවන ආකාරයෙන් යම් නීති මාලාවකට යටත්ව බස් අලංකරණය කිරීම සඳහා අවසර දිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුන හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සදහන් කර සිටියේ බස් රථ හිමියන් සමග පැවති සමඟ පැවති සාකච්ඡාවකදීය.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එහිදී මෙසේද කීය. බස්රථ අලංකරණය කිරීම යනු වෙනම කර්මාන්තයක් මෙන්ම කලාවක් බවත් ජනතාවට හානි නොවනවා නම් බස්රථ අලංකාර කිරීමේ කිසිදු ගැටළුවක් නැති බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

නීති කඩ කරනවා නම් හෝ ජනතාවට අපහසුතාවයක් ගෙන දෙනවා නම් ඊට නීති තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න. හැබැයි ජනතාවට හානි නොවන ආකාරයේ අලංකාර වන කටයුතු කළ බස් රථවලට සහනයක් දෙන මෙන් ඉල්ලා සිටින බවත් නාමල් රාජපක්ෂ පැවසීය. මාර්ග බලපත්‍ර වලට පිටින් හා බස් රථ බලපත්‍ර වලට පිටින් නොයන බස්රථ අලංකරණ කටයුතු කිරීම වරදක් නොවන බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *