එල්ටීටීඊ සංවිධානය නැවත නඟා සිටුවිය යුතු බවට යාපනයේ වීරසිංහම් ශාලාවේ 2017 වසරේ පැවති උත්සවයක දී ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් චෝදනාවෙන් නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ නියෝග කළේය.
ඇයට එරෙහිව අධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය සාක්ෂි නොමැති බැවින් එම නඩු කටයුත්ත අවසන් කරන ලෙස නීතිපතිවරයා තමන් වෙත උපදෙස් දී ඇති බව අදාළ විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණු සැලකිල්ලට ගෙන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.
2017 වර්ෂයේ ජූලි මස දෙවැනි දින ඉහත සඳහන් යාපනය වීරසිංහම් ශාලාවේ පැවති උත්සවයක දී ඇය එවැනි ප්‍රකාශයක් කළ බව සදහන් කරමින් ලැබී තිබූ පැමිණිල්ලක් අනුව එම විමර්ශනය ආරම්භ කර තිබූ අතර විමර්ශනයට අදාළ උද්ධෘත පිටපත් නීතිපතිවරයා වෙත යොමු කර තිබිණි.