විදුලි බිල වැඩි වුවද පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළ නොදමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සභාපති එන් කේ ජයවර්ධන මහතා පැවසීය.

විදුලි බිල 18% කින් වැඩි වීම තම කර්මාන්තයටද දැඩි ලෙස බලපාන බව කී ජයවර්ධන මහතා පාරිභෝගික ජනතාවද මේ වන විට දැඩි ආර්ථික පීඩනයකින් යුතුව පසු වන බැවින් අඩු මිලට පාන් කෑල්ලක් හෝ කන්න තියෙන සහන ජනතාවට අහිමි නොකරන බවද කීවේය.

එම නිසා විදුලි බිල වැඩි වුවද බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමක් නොකරන බැවින් දැනට පවතින මිල ගනන් යටතේම නිෂ්පාදන මිලදී ගැනීමට පාරිභෝගික ජනතාවට හැකි බවද සභාපතිවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *