ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන ප්‍රවර්දන අධිකාරියේ අනුමත ලියාපදිංචි හෝටල් වලට පැනවූ මත්පැන් තහනම ඉවත් ඉවත්කිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පියවර ගෙන ඇත.

ඒ අනුව සංචාරක සංවර්ධන ප්‍රවර්ධන අධිකාරියේ ලියාපදිංචිය හෝටල් සහ ආපනශාලා වලට සිය බලපත්‍ර භාවිතා කරමින් බියර් සහ වයින් ඇතුළු මෘදු මත්පැන් අලෙවි කළ හැකි බවද සුරාබදු මාධ්‍ය ප්‍රකාශක අතිරේක සුරාබදු කොමසාරිස් ජෙනරාල් කපිල කුමාරසිංහ මහතා පැවසීය.

අභියාචනාධිකරණය ඊයේ දුන් නියෝගයකට අනුව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා එම නියෝගය කළ බව ද කුමාරසිංහ මහතා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *