ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ගනුදෙනුව පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමේදී සැපයුම් අංශයේ නිලධාරීන් පිරිසක් ස්ථාන මාරු කර ඇතැයි වාර්තා වේ.

එම නිලධාරීන් හිටිහැටියේ අභ්‍යන්තරව මාරු කිරීම මගින් රහස් පොලිස් පරීක්ෂණ කටයුතු යට ගැසීමේ උත්සාහයක් පවතින බවට සැක සහිත බව ද සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සභාපති රවි කුමුදේශ් මහතා කීය.

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ආනයනය කර ඇති සමාගම ව්‍යාජ සහතික පෙන්වා ගෙන්වා ඇත්තේ සේලයින් වලට සමාන දියරයක් බවට තහවුරු වී ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය අමාත්‍යාංශය ඉකුත්දා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *