ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ සිට ජාතිය ඇමතුවේ ය. ජනපති ජාතිය ඇමතුවේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් හෙදන්‍යාන් හමු වී ආපසු ඇමරිකාවට පැමිණීමෙන් පසුවය.
ඊශ්‍රායෙල හමාස් අර්බුදයේ ඊශ්‍රායලයට පුර්ණ සහය ලබාදෙන බව ඇමරිකානු ජනාධිපති ජාතිය් අමතමින යලිත් වරක් අවධාරණය කළේය.
රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන්ද ජනාධිපති බයිඩන් අදහස් දැක්වීමක් කළේය.
ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට උත්සාහ ගන්නා නපුරන් යයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හමාස් සංවිධානය සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් ද හඳුන්වා හඳුන්වා දීමට අමතක නොකළේය.
ඊශ්‍රායලය මෙන්ම යුක්‍රේනයට ද දිගටම සහාය පළ කරන බව ඇමරිකන් ජනාධිපති ප්‍රතිඥා දුන් අතර හමාස් සටන්කාමීන්ට එරෙහිව සටන් වදින ඉශ්‍රායලය ට මූල්‍ය ආධාර අවශ්‍ය බවත් ඇමරිකන් ඩොලර් බිලියන ගණනක ආධාර ලබාදීමට තමන් පියවර ගන්නා බවත් බයිඩන් අවධාරණය කළේය.