2022 වර්ෂයේ දී මෙරට පුද්ගලයන් 311056 දෙනෙකු විදේශගත වී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති වාර්තාවක සදහන් වේ.

ඉන් පුද්ගලයන් 14307 දෙනකු වෘත්තීය මට්ටමේ රැකියා සදහා විදේශගත වී ඇත.

වෘතීය මට්ටමේ රැකියා සදහා විදේශගත වූ පුද්ගලයන්ගෙන් 12,841 දෙනෙකුන් පිරිමි පුද්ගලයන් වන අතර 1466 දෙනෙකු කාන්තාවෝය. එමෙන්ම 2022 වර්ෂයේදී ලිපිකරු ආශ්‍රිත රැකියාවන් සදහා විදේශගත වී ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 12134කි. පුහුණු ශ්‍රමිකයන් ලෙස 92836 දෙනෙකු, අර්ධ පුහුණු ශ්‍රමිකයන් ලෙස 4133 දෙනෙකු, නුපුහුණු ශ්‍රමිකයන් ලෙස 105,509 දෙනෙකු විදේශගත වී ඇති බව මෙම වාර්තාවේ සඳහන් වෙයි. ගෘහ සේවිකාවන් ලෙස කාන්තාවන් 74007 දෙනකු විදේශගත වී ඇත. මධ්‍යම මට්ටමේ රැකියා සඳහා පුද්ගලයන් 8130 දෙනෙකු විදේශ රැකියා සදහා පිටත්ව ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *