පිටරට වල රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් මෙරටට එවනු ලබන මුදල් 2022 වර්ෂයට සාපේක්ෂව මෙම වර්ෂයේ 75% ක වර්ධනයක් වී ඇති බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

මෙම වර්ධනය රටක් වශයෙන් ඉතා වැදගත් කරුණක් බවත් එය රට පිළිබඳව ඔවුන්ගේ විශ්වාසය නැවතත් තහවුරු වීමක් හැදින්විය හැකි බව හෙතෙම කීවේය.

මීට පෙර විදෙස් වල සිටින අය මුදල් නොඑවා සිය පවුල්වල සාමාජිකයන් ද එම රටට ගෙන්වා ගැනීමට උත්සාහ කළ ද මේ වන විට එම තත්ත්වය වෙනස් වී තිබෙන බව ඉන් පෙනී යන බවත් ඒ මහතා පැවසීය.

එය රට පිළිබඳ යහපත් ශ්‍රේණිගත කිරීමක් බවද මුදල් රාජ්‍ය ඇමැති වරයා පාර්ලිමේන්තුවේදී පසුගියදා කියා සිටියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *