සමගි ජන බලවේගය මන්ත්‍රීය සුජිත් පෙරේරා මහතා පාර්ලිමේන්තු පුස්තකාල අසල දී විදුලි සෝපානය ආසන්නයේ දී තමාට පහර දුන් බවට රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය 20 දා කීවාය.

ඇයව කරුණු කියන විට මේ පිළිබඳව සොයා බැලීමට පාර්ලිමේන්තු කටයුතු විනාඩි දහයකට නවත්වන ලෙස අගමැතිවරයා ඉල්ලීමක් කළේය.

ඩයනා ගමගේ මහත්මිය එහිදී මෙසේ කීවාය.

මම දැන් පුස්තකාලෙ විදුලි සෝපානය අසලට යන විට කාන්තා හිංසනයක් සිදුවුණා. සුජිත් පෙරේරා කියන සජබ මන්ත්‍රීවරයා මට පහර දුන්නා. මෙය පල්ලෙහා ලයිබ්‍රිය ඉදිරිපිට දැනට පැය එකහමාරකට පෙරදියී. මේ ගැන මට කතානායකතුමා මගින් පරීක්ෂණයක් කරන්න ඕනෑ. මම මේ මන්ත්‍රීවරයාට විරුද්ධව පියවරක් ගන්නවා මේ සජබ මන්ත්‍රීවරුන්ට කාන්තාවන් සමග ලොකු ප්‍රශ්නක් තිබෙනවා.

මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකුට පහර දෙන්න පුළුවන් නම් මොන කාන්තාවන් ගැන ද සජබය මේ කතා කරන්නේ. කාන්තාව මන්ත්‍රීවරියක් වන මට මේ පාර්ලිමේන්තුව තුළ පහර දෙනවා නම් වෙන මොන කතාද මේ ගැන අනිවාර්යෙන්ම පරීක්ෂණ කරන්න ඕනෑ. මම මේකට විරුද්ධව පාරට බහිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *