මෙරට බීඩි කර්මාන්තය විධිමත් විධිමත්ව පවත්වාගෙන යාම වෙනුවෙන් හා ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන්නට රජය තීරණය කර තිබේ.

ජනපති උපදෙස් අනුව කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සතියේ සියලු පාර්ශ්ව සමග සාකච්ඡාවක් පැවති අතර ඒ අනුව අදාල ප්‍රතිපත්තිය සැකසීම් මුදල් අමාත්‍යාංශය වෙත පවරා ඇත.

දැනට බීඩි කොළ කිලෝවක් සඳහා අය කරන පන්දාහක සෙස් බදු ඉවත් කිරීමටද එම සාකච්ඡාවේදී යෝජනා වී තිබේ.

බීඩි කොළ ආනයනයේදී අයකරන රුපියල් 5000ක සෙස් බද්ද ට අමතරව එක් බියකින් රුපියල් දෙකක මුදලක් ද රජය අය කරයි.

සුභ බදු දෙපාර්තමේන්තුව මෙම ක්‍රමය හදුන්වා දී ඇති නමුත් එය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවද ඉහත සාකච්ඡාවේදී හෙළිදරව් වී තිබේ.

බීඩි කොල කිලෝවකට අය කන්න සෙස් බද්ද හේතුවෙන් හොරපාරෙන් රටට විශාල වශයෙන් බීඩි කොළ පැමිණෙන බවට ද එහිදී තොරතුරු වාර්තා වී ඇත. එම නිසා බීඩි කර්මාන්තය විධිමත් කරමින් සුරාබදු දෙපාර්තමේන්තුවේ කටයුතු ද විධිමත් කිරීමට මෙහිදී තීරණය වී තිබේ.

බීඩි කර්මාන්තය ක පමණ පිරිසක් මේ වන විට යෙදී සිටින බැවින් බීඩි කොළ ගෙන්වීමේදී අය කන්න කරන බද්න්න සෙස් බද්ද කොට එක් බීඩියකින් අය කරන බදු මුදල රුපියල් 3.50 දක්වා ඉහළ දැමීමට තීන්දු වී ඇත.

සෙස් බද්ද ඉවත් කළ ද ලැබෙන ආදායම කිසි ලෙසකින් අඩු නොවන ලෙස මෙම සංශෝධනය ඉදිරිපත් කර ඇත. මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉහත ප්‍රතිපත්ති මාලාව සාකච්ඡා කොට ඒ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *