සමනල වැවේ එක දිගට වසර තිහක් තිස්සේ පවතින ජල කාන්දු අනතුරුදායක බව ගැන භූ විද්‍යාඥයෝ විසින් අනතුරු අඟවා තිබේ.

සමනලවැව වේල්ල ට ඉහළ ප්‍රදේශයේ පවුල් දෙදාහක් පමණ ජීවත් වන පසුබිමක මෙම අනතුරු දායක තත්ත්වය ගැන අවශ්‍ය ක්‍රියාමාර්ග දැන්වත් ගැනීමට හැකි දැයි සොයා බැලීමට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව රැස් වූ අවස්ථාවේදී තීරණයකට එළඹ තිබේ.

එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ මෙම තීරණයට ලැබ තිබේ.

එමෙන්ම කැලණි ගඟ සහ කළු ගග දෙපස බ්‍රිතාන්‍යය සමයේ පටන් පවතින පැරණි බැමිවල ද අනතුරුදායක බව පෙනී ගොස් ඇති නිසා සියළු දෙනා එක්වී වේලි ආරක්ෂණ ක්‍රියාමාර්ග ගතයුතු බවද සඳහන් කර තිබේ.

සමනලවැව ඉකුත්දා ජල මට්ටම අඩු වීමත් සමග එහි තිබූ සිදුරු කිහිපයක් ප්‍රධාන සිදුරු ලෙස හඳුනා ගැනීමට හැකිව ඇතත් එහි ලා ලංකා විදුලි බල මණ්ඩලය නිසි පියවර ගෙන නැති බවද එහිදී හෙළි වී තිබේ.

මේ අතර කොළඹ නගරයේ විටින් විට ජලයෙන් යටවීම පිළියම් යෙදීමට කොළඹ නගර සභාව හා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාව අතර සම්බන්ධීකරණයක් නොමැති වීම ගැන ද එහිදී කරුණු හෙළි වී තිබේ. ඒ අනුව අවශ්‍ය නඩත්තු කරලීමට කාරක සභාවේ සභාපති වරයා කොළඹ නගර සභා සභාපතිවරයා නිලධාරීන්ට නිර්දේශ කර තිබේ. එහිලා තම සැලසුම් ඉදිරිපත් කරන ලෙස ද නගර සභාවට උපදෙස් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *