වෛද්‍ය හා ශල්‍ය උපකරණ වල විෂබීජහරණයට යොදාගන්නා රසායනික ද්‍රව්‍යයක් නොමැතිකම නිසා ඇතැම්හු රෝහල් වල එන්ඩොස්කොපි ඇතුළු පරීක්ෂණ සිදුකිරීමට නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර හා සභාපති විශේෂඥ වෛද්‍ය කේ ජී අජිත් කුමාර සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට යවා ඇති ලිපියකින් කියන්නේ මේ තත්ත්වය ප්‍රමාද වූ විට ප්‍රතිකාර කර නොහැකි වන සමහර පිළිකා වැනි රෝග තත්ත්වයන් පැතිරීමටද බලපා හැකි අනතුරක් තිබෙන බවය.

එමෙන්ම දැඩි සත්කාර ඒකක තුළ දී රෝගීන්ට දිය යුතු බොහෝ ප්‍රතිජීවක ඖෂධ සඳහා ප්‍රතිවිරෝධයන් සහිත රෝගකාරක විශේෂයෙන් ස්වසන මාර්ගයට ඇතුල් වී නිව්මෝනියා තත්ත්වයන් ඇතිවීමේ බරපතල අවදානමක් පවතින බවද එහි දැක්වේ.

මෙම රසායන ද්‍රව්‍ය මිලදී ගැනීමට පෞද්ගලික අංශයේ ද නොමැතිකම ගැන පෙන්වා දෙන එම සංගමය එම අඩුව වහාම සපයා දෙන ලෙස ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *