ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ලබන වසරේ දී ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බව එක්සත් ජාතික පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

2025 මුල්භාගයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි වනු ඇතැයි පැවසූ ජනාධිපතිවරයා එම සියලු මැතිවරණ සඳහා එක්සත් ජාතික පක්ෂය සූදානම් බව සදහන් කළේය.

“ස්මාර්ට් රටක් – ජය ගනිමු 2048” යන තේමාව යටතේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පසුගියදා සංවිධානය කර තිබූ එක්සත් ජාතික පක්ෂ විශේෂ මහා සම්මේලනය අමතමින් හෙතෙම මේ බව පැවසීය.

දේශපාලන පක්ෂවල දූෂණය වැළැක්වීම සඳහා අද දින කොමිසමක් පත් කරන බවද හෙතෙම පැවසීය.

එසේම එංගලන්තයේ පාර්ලිමේන්තු ක්‍රමය අනුව හිටපු කථානායක කරු ජයසූරිය මේ වන විට සකස් කර තිබෙන කෙටුම්පතක් ද අද දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද වික්‍රමසිංහ මහතා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *