අරක්කු කොම්පැණිකරුවන්, සිගරට් කොම්පැණි කරුවන් රජයේ නිලධාරීන් සුළු පිරිසකට සන්තෝසම් ලබාදී අයවිය යුතු බදු පැහැර හැර සන්තෝෂයෙන් ගෙදර යන විට රටේ අසරණ ජනතාව විදුලි බිල ගෙවා ගැනීමට නොහැකිව දුකට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. අනාගත සමගි ජන බලවේග රජයක් තුළ දුම්වැටි, මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතය යථාර්තවාදීව උපරිම ලෙස අවම කිරීම හෝ සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ වැඩසටහනකට තමා මුල පුරන බවට පොරොන්දු වන බවත් මේ ප්‍රතිපත්තිය නිසා ඡන්ද අඩු වනවාට තමා බිය නොවන බවත් බොරු නොකියන, ජනතාව රවටන දුර්දාන්ත දේශපාලන සංස්කෘතියට තිත තැබිය යුතු බවත් විපක්ෂනායකවරයා තවදුරටත් පැවසුවේ පසුගිය සෙනසුරාදා බොරැල්ල තරුණ බෞද්ධ සමිති ශ්‍රවණාගාරයේ පැවති 111 වැනි ශ්‍රී ලංකා අමද්‍යප මහා සභා රැස්වීම අමතමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *