බීමත් රියැදුරකු අත්අඩංගුවට ගන්න ඕනෑම පොලිස් නිලධාරියෙකුට රුපියල් 5000ක දීමනාවක් ගෙවීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රථවාහන පාලන සහ ආරක්ෂක අංශ කොට්ඨාසය තීරණය කර තිබේ.
ඒ අනුව ලබන වසරේ ජනවාරි මස 1 වැනිදා දක්වා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර මෙම කාලය තුළ බීමත් රියැදුරකු අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියෙකුට සිය වැටුපට අමතකව රුපියල් 5000ක දීමනාවක් හිමිවන බවත් ඊට වැඩියෙන් කරන අත්අඩංගුවට ගැනීම සදහා සදහාද රුපිය්ල් 5000 සිට ඉහළම මුදල් ත්‍යාග ගෙවන බවත් වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ සදහන් කළේය.
නිලධාරීන් දිරිගැන්වීම සඳහා අනතුරු වලක්වා ගැනීම සඳහාත් මෙම නියම ව්‍යාපෘතිය ඇරඹූ බව හෙතෙම සඳහන් කළේය.