අර්බුදකාරී වාතාවරණයක සිටින රටේ ජනතාව පිට අධික ජල බිලක් දීමට රජය සූදානම් නොවන බවත් යම් කිසි අයුරකින් ජල බිල්පත් ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් පැමිණිය හොත් ඒ සඳහා අනුමැතිය නොදීමට ඇමැතිවරුන් කිහිප දෙනෙකු එකගවී ඇති බවත් බවට වාර්තා වේ.
ජල බිල්පත් ඉහළ යාම ද මේ අවස්ථාවේ මහජනතාවට දරාගැනීමට ගැනීමට නොහැකි පසුබිමක ජල බිල්පත ද වැඩි කිරීම අසාධාරණ බව ද ජේෂ්ඨ ඇමතිවරයෙක් පැවසීය.
අපහසු බව රජය පිළිගන්නවා. මේ විදිහට රටේ මිනිස්සුන්ට පීඩනයක් දීම අවාසනාවන්ත තත්ත්වයක්. ඒත් රජයට මේ මොහොතේ ජාත්‍යන්තර ඇතිවී තිබෙන තත්ත්වයන් හේතුවෙන් එය කිරීමට සිදුවී ඇති බවද ඔහු සඳහන් කළේය.
ඒ කෙසේ නමුත් විදුලි බිල ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී ජල බිල්පත වැඩි කිරීමට කැබිනට් ඇමැතිවරුන් කිහිප දෙනෙක් විරුද්ධ බවත් ජනතාව පීඩනයක සිටින අවස්ථාවක එවැනි තීරණයක් ගැනීමට ආණ්ඩුවට සහාය නොදෙන බවත් ඔහු පැවසීය.
ජල බිල්පත් ඉහළ නැංවීම පිළිබඳව කැබිනට් මණ්ඩලයට විෂය භාර ඇමතිවරයා යෝජනාවක් රැගෙන පැමිණියහොත් පවතින තත්ත්වය පිළිබඳව පැහැදිලි කර ඒ සඳහා සහයෝගය නොදීමට කටයුතු කරන බවද බව ද ඔහු සදහන් කළේය.