පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ වැටුප් සකස් කිරීම සහ ඔවුන්ගේ වරප්‍රසාද තීරණය කිරීම, චර්යාධර්ම කඩකිරීම් පිළිබඳ සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සදහා වෙනම අධිකාරියක් පිහිටුවීමට රජය තීරණය කර ඇත.
ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට අද ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අධිකාරියේ විශ්‍රාමික විනිසුරුවරුන් පිරිසකගෙන සමන්විත වේ.
රුපියල් කෝටි 8ක රත්තරන් නීතං නීතිවිරෝධීව රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් දඩ නියම වූ අලිසබ්රි රහීම් මන්ත්‍රීවරයාගේ එම සිද්ධියෙන් පසු මෙම අධිකාරිය පිහිටුවීම සදහා රජයේ අවධානය යොමු වී ඇත.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග චර්යා ධර්ම සංග්‍රහය අනුගමනය කරමින් කටයුතු කිරීමට මෙම අධිකාරියට එම පනතින් අවස්ථාව සැලසෙන බව සදහන් වේ.
මේ අතර මැති ඇමති වරුන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ද රජයට යෝජනාවක් ඉදිරිපත් ව ඇතැයි වාර්තා වේ.