ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම් අතර තරග තුනකින් යුතු තරගාවලියේ අවසන් තරගය ජයග්‍රහණය කර තරගාවලිය ජයග්‍රහණය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමත් විය.
දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය පැවතීම තරගයේ දී පන්දු 56 කදී ලකුණු 85 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගිය පවන් රත්නායකගේ පියා පෙරේදා රාත්‍රී ජීවතුන් අතරින් සමුගෙන තිබිණි.
තම පියාගේ වියෝව සිදු වී තිබියදී පවා මෙම තරගයට සහභාගි වූ අතර ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ ක්‍රීඩකයෝ ද ජයග්‍රහණයෙන් අනතුරුව සිය කණ්ඩායමේ මිතුරා ගේ පියාණන්ට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියහ.
ඊයේ පැවති තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 223 ක් ලබාගත් අතර ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී එම ඉලක්කය සපුරා ගත්තේය.
පවන් රත්නායකට අනගි සහයක් ලබා දුන් නමුත් සහයක් ලබා දුන් නවෝද් පරණවිතාන ලකුණු 47ක් ලබා ගැනීමට සමත් වූහ.