පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය අතර චෙන්නායි නුවර ක්‍රීඩාංගණයේදී පැවති එක්දින ලෝක කුසලාන තරගයෙන් පෙරළිකාර ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථානය සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 283 ක ඉලක්කයක් හබා ගිය ඇෆ්ගනිස්ථානුවන් පන්දු වාරයක් ඉතිරිව තිබිය දී කඩුලු දෙකක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථානතානය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 282 ලබා ගත්තේය. අවසන් පන්දුවාර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ ඉෆ්තිකර් අහමඩ් හයේ පහර හතරක් සහ හතරේ පහර දෙකක් සමග පන්දු 27 කින් ලකුණු 40 ක් රැස් කරමින් සිය කණ්ඩායම සටනක් විය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා ඔසවා තැබුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *