මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ ඉතා අවාසනාවන්ත මන්ත්‍රීන් දෙසින් විසිපස්දෙනා සිටින්නේ වර්තමාන පාර්ලිමේන්තුව යැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා ඉකුත්දා පැවසීය.

නියෝජ්‍ය කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේය සණස සමිති සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන පිළිබද පාර්ලිමේන්තු මන්ත්‍රීන් දැනුවත් කිරීමේ වැඩමුළුවකට සහභාගි වෙමිනි.

කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට සිය ජනතාවට සේවය කිරීමට අවස්ථාව අහිමි වූ බවද නියෝජ්‍ය කතානායක වරයා කීය.

දේශපාලන අර්බුද සහ අරගල හේතුවෙන් එම තත්ත්වය තවදුරටත් උග්‍ර වූ බවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඝාතනය වී මන්ත්‍රීන්ගේ නිවාස හැත්තෑ නවයක් ගිනිබත් වූ බවද අජිත් රාජපක්ෂ මහතා එහිදී කීය.

සණස නායක ආචාර්ය පී ඒ කිවුවන්දෙණිය මහතා එහිදී සණස ඉතිහාසය සහ වැඩසටහන පිළිබඳ දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *