ගාසා තීරයට ඊශ්‍රායල හමුදා එල්ල කරන දරුණු ප්‍රහාර නැවැත්විය යුතු බවත් එසේ නොකළහොත් මැදපෙරදිග කලාපය කිසිවකු බලාපොරොත්තු නොවූ දෙයක් විය හැකි බවත් ඉරාන විදේශීය කටයුතු අමාත්‍ය හුසේන් අමීර් අබ්දුල්හානි ඊශ්‍රායලය සහ ඇමෙරිකා එක්සත් ජනපදයට අනතුරු අගවා ඇත.
යුද ආධාර සැපයීම හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායල හමුදා එල්ල කරනු ලබන දරුනු ප්‍රහාරවලට වගකිව යුතු බවත් ඊශ්‍රායලය ඇමරිකාවේ නියෝජිතයින් ලෙස පෙනී සිටින බවත් ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා චෝදනා කර සිටී.
ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ කරන ජන සන්හාරය සහ මනුෂ්‍යත්වයට එරෙහිව කරන අපරාධ වහාම නැවැත්විය යුතු බවත් එසේ නොකළහොත් ඕනෑම මොහොතක ඕනෑම දෙයක් සිදුවිය හැකි බවත් ඇමරිකා එක්සත් ජනපදය සහ ඇමරිකාව වෙනුවෙන් පෙනී සිටින ඊශ්‍රායලය තේරුම් ගත යුතු බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා ඇත. එවිට මැදපෙරදිග කලාපය නිසැකවම පාලනයෙන් තොර වනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යවරයා අනතුරු වග ව ඇත.
ඊශ්‍රායෙල හමුදාවන්හි ක්‍රියාකලාපයේ ප්‍රතිඵල දරුනු සහ ප්‍රසන්න වනු ඇති බවත් එවිට මැද පෙරදිග කලාපයට සහ යුද්ධයට අනුබල දෙන්නන්ට දීර්ඝකාලීන ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දී ඇත.
ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයට දෙන යුධ ආධාර වලින් පෙනී යන්නේ මෙම යුද්ධය ඇමරිකා එක්සත් ජනපදය ඕනෑ එපාකම් වෙනුවෙන් කරන යුද්ධයක් ලෙස යැයි අමාත්‍ය අබ්දුල් හානි ප්‍රකාශ කර ඇත.