කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය ඇමති ධූරයෙන් ඉවත් කරමින් ජනාධිපතිවරයා කළ හදිසි කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ඊයේ පැවසීය.

ජනාධිපතිවරයාට ආණ්ඩුව ගෙන යාමට ශක්තිය දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බැවින් එහි අමාත්‍යධූරයක් ගලවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දී තවත් රාජ්‍ය ඇමති ධූරයක් ද එම පක්ෂයට අලුත් ඳීම ගැන පොදුජන පෙරමුණ සතුටු නොවන බව ද ඔහු සදහන් කළේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස සිටියදී ඔහුට නැගූ චෝදනා සියල්ල බොරු බව ඔප්පු වී තිබියදී ඔහුව අමාත්‍ය ධුරයූරයෙන් ඉවත් කිරීම ගැන කණගාටු දායක වන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙම කැබිනට් සංශෝධනය සිදු නොකළ යුත්තක් බවත් පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊට දැඩි විරෝධය පළ කරන බවත් කාර්යවසම් මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කළ බව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා කීවේය.

ජනාධිපතිවරයා ගෙන තියෙන මේ වැරදි තීරණයක් බවත් වැරදි දෙයකට වැරදි යැයි පැවසීම ශ්‍රී ලංකා පොදුජන ප්‍රකමන කිසිවිටෙකත් නොපැකිළෙන බවත් කාරියවසම් මහතා සදහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මෙම සංශෝධනය නොකර සිටීමට තිබූ බවත් එම ක්‍රියාවලිය ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂයක් ලෙස දැඩි විරෝධය පළ කරන බවත් මහ ලේකම්වරයා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *