රේගු දෙපාර්තමේන්තුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව එක්කර දත්ත පද්ධතියක් සෑදීමට රුපියල් මිලයන සියයක් රජය වෙන් කළ ද එම කටයුතු සිදු වී නැති බව රාජ්‍ය ඇමති මොහාන් ප්‍රියදර්ශන සිල්වා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම කටයුතු කිරීම සුරාබදු දෙපාර්තමේන්තුවට ලබා දී ඇත්තේ 2022 වර්ෂයේ වුවත් අද වන තුරු එම කටයුතු සුරාබදු දෙපාර්තමේන්තුව සිදු කර නැති බවත් රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

R.A.S.E.D නමින් මෙම පද්ධතිය නම් කර ඇතැයිද මිලියන 100ට සුරාබදු දෙපාර්තමේන්තුව කළේ කුමක් ද යන්න ප්‍රශ්න සහගත යැයි ද මොහාන් ප්‍රියදර්ශන සිල්වා රාජ්‍ය ඇමතිවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *