තැපැල් මාර්ගයෙන් කෙරෙන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක සුල මුල හෙළි කර ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් එම ජාවාරමට සම්බන්ධ ව්‍යාපාරිකයා සහ මධ්‍යම තැපැල් හුවමාරුව සේවකයන් දෙදෙනෙකු ඊයේ දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශ නිලධාරියෙකුගේ ගිනි අවියක් අත්වැරදීමකින් ක්‍රියාත්මක වී ඇති අතර ඉන් කිසිවකුටත් හානියක් සිදු වී නැත.

සිවිල් ඇදුමෙන් සැරසුණු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සැකකරුවන් රැගෙන යාමට උත්සාහ කරද්දී මෙම ගිනි අවිය ක්‍රියාත්මක වී ඇති අතර සිද්ධියෙන් එහි සිටි පිරිස භීතියට පත්වී ඇත.

කොළඹ ඩී ආර් විජයවර්ධන මාවතේ පිහිටි මධ්‍යම තැපැල් හුවමාරුවේ දී හුවමාරුවේදී නාදුනන පිරිසක් පුද්ගලයන් තිදෙනෙකු පැහැරගෙන වෙඩි තබමින් පලායන බවට ඊයේ දහවල් කතාවක් පැතිර ගත් ගොස් තිබූ අතර ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී කියා සිටියේ එවැනි කිසිම පැහැර ගැනීමක් සිදු නොවූ බවත් සැකකරුවන් නීත්‍යානුකූලව අත්අඩංගුවට ගෙන රැගෙන යාමක් සිදු වූ බවත්ය.

ඉකුත් දා විසි එක් වෙනිදා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත පැමිණි ව්‍යාපාරිකයෝ කිලෝ පහක බරින් යුත් පාසලක් රැගෙන යාමට උත්සාහ කරද්දී එහි කුෂ් නමැති මත්ද්‍රව්‍ය ඇති බව රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබිණි. ඒ අවස්ථාවේ ව්‍යාපාරිකයා පාසලේ බාර නොගෙන රේගු සහ මත්ද්‍රව්‍ය නාශක අංශය නිලධාරීන්ගෙන් මිදී පලාගොස් තිබිණි.

පසුව මත්ද්‍රව්‍ය නාශක අංශ නිලධාරීන් උපාය දුතයෙකු යොදවා ඊයේ දහවල් මෙම ව්‍යාපාරිකයා නැවත මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ගෙන්වා ගෙන ඇති අතර එහිදී ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණි.

මෙම ජාවාරමට සම්බන්ධ මධ්‍යම තැපැල් හුවමාරුව සේවකයන් දෙදෙනා ද එම අවස්ථාවේ අත් අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *