පවතින වැසි සහිත කාලගුණික තත්වයත් සමඟ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්ථා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මේ වසරේ මෙතෙක් ඩෙංගු රෝගීන් 66,500දෙනකු වාර්තා වී ඇති අතර ඉන් 39 දෙනෙකු මිය ගොස් ඇතැයි එම ඒකකය කියයි. කොළඹ නුගේගොඩ ගම්පහ ගොතටුව අත්තනගල්ල මහනුවර ගගවට කෝරළය සහ මහනුවර මහ නගර සභාවේ බල ප්‍රදේශයෙන් මෙලෙස ඩෙංගු රෝගීන් බහුලව වාර්තා වී ඇතැයි ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා සදහන් කරයි.
ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීමට නිවාස ආයතන පාසල් සහ පරිසර පද්ධතිය නිරතව පිරිසිදු කිරීමට පියවර ගන්නා ලෙසද එම ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටී.