ඊශ්‍රායලය පැමිණ දැනට වීසා නොමැතිව සිටින ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාදී රැකියා ලබා ගැනීමට සහාය දෙන මෙන් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා එරට රජයෙන් ඉල්ලා තිබේ.
ඒ අනුව කෘෂිකර්ම අංශයේ රැකියාවන් සදහා සදහා ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබා දීමට දැනටමත් එරට රජය කටයුතු කරමින් සිටින බවද ඒ මහතා කීය.
තම ගමන් බලපත්‍රය රැගෙන එරට තානාපති කාර්යාලයට පැමිණෙන ලෙස ඔහු නිවේදනයක් මගින් ලාංකිකයන්ගෙන් කළ ඉල්ලීම් අනුව ඊයේ වන විට විශාල පිරිසක් එහි පැමිණ තිබේ.
දැනට වීසා නොමැතිව ශ්‍රී ලාංකිකයන් හත්සියයකට ආසන්න ප්‍රමාණයක් සිටින බව හෙළි වී තිබේ. මේ අතර ඉන් ඇතැමුන් වසර හත අට එරට වීසා නොමැතිව සිටින්නවුන් ය. නම ක්‍රමවේදය අනුව ඔවුන්ට වීසා බලපත්‍රය සමග රැකියාවක්ද ලබා ගැනීමට ඉඩක් ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.