සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ පියවරක් ලෙස 2024 වර්ෂයේ මාර්තු විසි එක් වෙනිදා දක්වා ලොව රටවල් හතකින් මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව වීසා නිකුත් කිරීමට රජය කටයුතු කර තිබේ.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිට කොරොනා වසංගතය හා ආර්ථික බිදවැටීම ආදියෙන් රට තුළ ඇතිවූ තත්ත්වය තුළ පසුබෑමට ලක් වූ මෙරට සංචාරක කර්මාන්තයේ පුනර්ජීවනය සඳහා ක්‍රියාත්මක ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයකට අනුව මෙය ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමි වී ඇත.
මේ අනුව ඉහත කාලසීමාව තුළ දී චීනය ඉන්දියාව ජපානය රුසියාව ඉන්දුනීසියාව තායිලන්තය හා මැලේසියාව යන රටවල් වලින් මෙරටට පැමිණෙන සංචාරකයන්ට නොමිලේ වීසා නිකුත් කිරීම සිදු කෙරෙයි.
මෙයට සමගාමීව මෙරට පැමිණෙන සංචාරකයන්ට තදබදයකින් තොරව ලෝක උරුමයන් හා ඓතිහාසික ස්ථාන නැරඹිය හැකි වන පරිදි ගුවන්තොටුපළේ දී ම එක් ප්‍රවේශපත්‍රයක් දුම්රිය සේවයේ සංචාරක මැදිරිවල ගමන් කළ හැකි වන පරිදි දුම්රිය ප්‍රවේශ පත්‍රයක් ගාස්තු අයකිරීමකින් නිකුත් කිරීමටද කටයුතු සැලසුම් කර ඇත.