වසරක් ඇතුළත අනීතික ව තෙවතාවක් විදුලි බිල වැඩි කිරීම සුහුරු රටක ලක්ෂණයක් නොවන බවත් රටේ නායකයාට ජනතාවගේ දුක පිළිබඳව සංවේදීතාවයක් නැති බවත් විපක්ෂනායකවරයා පැවසීය.

කැබිනට් තීන්දු උල්ලංඝනය කරමින් විදුලි බිල නැංබිල නැංවීමට රජය කටයුතු කරද්දී එමගින් සුහුරු රටක් ඇති නොවන බවත් මේ හේතුවෙන් පාසල් ළමයින්ට පෝෂදායී ආහාර වේලක් සහ ප්‍රමාණවත් අධ්‍යාපනයක් දීමට මවුපියන්ට නොහැකි වී ඇතැයි කීය.

උතුරු කොළඹ ඩී ලසල් විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබාදීමට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් හා ආහාර වේලක් ලබා දීමට නොහැකි වීම නිසා මොළය වර්ධනය දුර්වල වී ඇතැයි විපක්ෂ නායක වරයා පැවසීය.

විදුලි විෂයභාර ඇමැතිවරයා දිගින් දිගටම විදුලි බිල වැඩි කිරීම ජනතාවට පීඩනයට පත්කර ඇති අතර මාස තුනෙන් තුනට විදුලි බිල වෙනස් කරන්න බවට පැවසීම අනුමත කළ නොහැකි බවත් මෙය සුහුරු රටක ලක්ෂණයක් නොවන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මේ අතර ජනාධිපති පවසන සුහුරු රටේ ඇත්තේ වැඩි කිරීම හා විකිණීම පමණක් යැයිද බිලියන ගණනක් ලාභ ලබන ලිට්ට්‍රෝ ගෑස් ආයතනය විකිණීමට ද රජය සූදානම් බවත් මේ නිසා සේවක ආරක්ෂාව පවා අහිමිවී ඇතැයි ද රටේ සිදුවන්නේ වැඩිවීම හා විකිණීම පමණයි. ජනතාවට අසීමිත අසහනයක් පීඩනයක් නිර්මාණය වෙලා. මෙහි ඒ හානිය රටේ දරු පරපුර හා මව් පරපුරටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *