රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පැමිණ මාස දාහතර ට විදුලි බිල සියයට 414 කින් ඉහළ දමා ඇති බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ පැවසීය.

මේ වන විට ජනතාව දැඩි ජීවන අරගලයක හිරවී ඇති බැවින් මෙවර අයවැයෙන් සියලුම සේවකයන්ට රුපියල් 20,000 වැටුප් වැඩි කිරීමක් කරන ලෙස බලපෑම් කරන බවත් ඒ වෙනුවෙන් 13 දා පාර්ලිමේන්තු වටරවුමට පැමිණ උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් හෙතෙම පැවසීය.

ඊට අමතරව නොවැම්බර් 8 වෙනිදා සියලුම වෘත්තීය සමිති රැස්වීම් ඒ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද හෙතෙම සඳහන් කළේය.

මෙම රුපියල් විසිදාහක වැටුප් වැඩි කිරීම නොකළ හොත් රට පුරා වෘතීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද සමරසිංහ වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *