මෙවර සිරිපා වන්දනා සමය දෙසැම්බර් 26 වැනිදාට යෙදෙන උදුවප් පුර පසළොස්වක පොහොය දිනයෙන් ආරම්භ වේ.
2024 මැයි මස යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයෙන් වන්දනා සමය නිමා වීමට නියමිත බව ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක පැල්මඩුල්ල රජමහ විහාරය හා රත්නපුර පොත්ගුල් රජමහා විහාරය යන උභය විහාරාධිපති ත්‍රිපිටකාචාර්ය බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ පැවසූහ. රත්නපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍්‍රිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිරිපා වන්දනා වාරය සම්බන්ධයෙන් පැවැති විශේෂ සාකච්ඡාවක දී උන්වහන්සේ පෙරේදා මේ බව ප්‍රකාශ කළහ.