” අපි ගාසා වල ක්‍රිස්තියානි පල්ලියක මේ වෙලාවේ ඉන්නේ. ඊශ්‍රායෙල හමුදාවෙන් ගහන මිසයිල නිතරම අපේ ඔළුවට උඩින් යනවා. සමහර වෙලාවට මිසයිල 50ක් විතර වැටෙනවා”

පලස්තීනයේ සිට ඊජිප්තුව දක්වා පලා යමින් සිටියදී ගාසාතීරයේ යුද්ධයට මැදිව සිටින ශ්‍රී ලාංකිකයෙකු වූ ඉෂාන් රාජිත නැමැති තරුණයා පැවසීය.

ගාසා තීරයේ සිට මෙසේ සංක්‍රමණය වන ලාංකික පිරිසගේ සුවදුක් සොයා කළ විමසීමේදී සම්බන්ධ වූ ඉෂාන් මහතා මෙසේද කීය. ” මෙතන අපි ඔක්කොම 700ක පමණ පිරිසක් ඉන්නවා. මේ හැමෝම තම දරුවන් සමග ඉන්නේ බයේ ගැහි ගැහි. අපේ එකම අරමුණ ඊජිප්තුවේ රෆා දේශ සීමාව හරහා ඊජිප්තුවට ඇතුල් වීමයි. අඩුම තරමින් මගේ බිරිය හා දරු දෙදෙනා ව ඊජිප්තුවට යවාගන්න එක තමයි මගේ එකම බලාපොරොත්තුව” පලස්තීන ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය මගින් තමන් ඇතුළු ලාංකිකයන් කණ්ඩායම පිළිබඳව සොයා බලන නමුත් සිය ජීවිත පවතින්නේ අවදානම් සහගත තත්ත්වයක යැයිද ඉෂාන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *