බිත්තර වී බුසලක මිල රුපියල් 4200 ත් 4800 අතර මිලක පැවතීම නිසා මෙවර මහ කන්නයේ වී වගා කිරීමට සූදානම්වන ගොවීන් දැඩි අපහසුතාවයට පත්වී ඇත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සහතික කරන ලද පෞද්ගලික සමාගම් විසින් වෙළඳපොළට නිකුත්කර ඇති බිත්තර වී මෙලෙස ඉහළ මිලකට වෙළඳපොළේ අලෙවි කරයි. ඊසාන දිග මෝසම් වැස්ස සක්‍රීය වීමත් සමග අනුරාධපුර දිස්ත්රික්කයේ ගොවීන් අහස් වැස්ස සහ වාරි ජලය උපයෝගී කරගෙන බොහෝ ප්‍රදේශවල මේ වෙනවිටත් වී වගා කිරීම සඳහා බිම් සකස් කිරීමට පටන් ගෙන තිබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහතික කරන ලද සම්බා වර්ගයේ බිත්තර වී බුසලක් වෙළඳපොලේ අලෙවි වන්නේ රුපියල් 4500 4,800 ත් අතර මිලකට ය.

නඩු වර්ගය සහතික කරන ලද බිත්තර වී බුසලක් මේ දිනවල අලෙවි වන්නේ 4000ත් 4200 ත් අතර මිලකට ය.

සහතික කරන ලද වී මෙලෙස ඉහල යද්දී ව්‍යාපාරිකයන් සහ ගොවීන් ඔවුන් ලග ඇති බිත්තර වී ලෙස සකස් නොකරන ලද වී බුසල රූපියල් 3000 ත් 3500කට මිලකට අලෙවි කිරීමට පටන්ගෙන ඇත. වෙළඳපොලේ වී කිලෝවක මිල රුපියල් සීයක් එකසිය දහයක් වැනි මිලක පවතිද්දී බිත්තර වී මිල මෙලෙස දරාගත නොහැකි ලෙස ඉහළ යෑම ගොවීන්ගේ කනස්සල්ලට හේතු වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *