ඖෂධ ආනයනය පිළිබඳව දැනට පවතින සම්ප්‍රදායික නීති රීති වලට පටහැනිව ඖෂධ ගණනාවක් මිලදී ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ සංස්ථා සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස් කටයුතු කර ඇති බවත් ඔහුට එරෙහිව නීතිය අනුකූලව කටයුතු කරන බවත් විපක්ෂය නියෝජනය කරන පොදුජන එක්සත් පෙරමුණ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර පවසයි.

වෛද්‍ය ප්‍රතිකාරවලදී අවශ්‍ය වන ඖෂධ වර්ග ගණනාවක් නැවත ටෙන්ඩර් කැදවා අඩු මිලකට මිලදී ගත හැකිව තිබුණ ද සභාපතිවරයා බොරු හදිස්සියක් මවා ටෙන්ඩර් කැඳවීමකින් තොරව කලින් ටෙන්ඩරයට ලබාදී ඇති සමාගමට එය ලබාදීමට පියවර ගෙන ඇතැයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ඖෂධ හදිසි මිලදී ගැනීම සදහා පවතින සම්ප්‍රදාන භාවිතා කරමින් එලෙස ඖෂධ සංස්ථා සභාපතිවරයා එම පියවර ගෙන ඇත්තේ ඇණවුම් කළ ඇතැම් ඖෂධ සදහා මාස හයකට ප්‍රමාණවත්ව තිබියදී බව ද හෙළිවේ. අලුතින් ටෙන්ඩරයක් නොකැදවා පැරණි ටෙන්ඩරයට ම ඖෂධ ගෙන්වීමෙන් රටට සිදුවී ඇති අලාභය රුපියල් කෝටි 200 ට අධික බවත් තමන් පෙන්වා දුන්න ද ඊට නිසි පිළිතුරක් ලබා දීමට අසමත් වී ඇති බවද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *