කුවේට් රජයේ වීසා නොමැතිව දීර්ඝ කාලයක් නීති විරෝධී ලෙස රැඳී සිටිමින් එරට පිටස්තර විවිධ ස්ථානවල සේවයේ නිරතවී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවෝ 28 දෙනෙක් පෙරේදා එරටින් පිටුවහල් කර කටුනායක ගුවන්තොටුපල වෙත එවනු ලැබූහ.
ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කුවේට් රාජ්‍යය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටි පිරිසක් වන අතර එම තානාපති කාර්යාලය නිලධාරීන් එරට පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණය සමග එක්ව කටයුතු කර මෙම ශ්‍රී ලාංකිකයන් ලෙස මෙරට එන වීමට කටයුතු කර තිබිණි.
මෙම පිරිස පෙරේදා දින උදෑසන හයයි තිහට කුවේට් රාජ්‍ය සිට ශ්‍රී ලන්කනංකන් ගුවන් සේවයේ UL 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ සිටියහ.
ඔවුන් අතර ගෘහ සේවිකාවන් 24 දෙනකු සහ ගෘහ සේවකයන් හතර දෙනකු සිටි අතර ඒ අතර එක් ගර්භනී කාන්තාවක් සිටියාය.
මෙසේ පැමිණ සිටින පිරිස අතර වැඩි පිරිසක් අනුරාධපුර පොළොන්නරුව දිස්ත්‍රික්ක වල පදිංචිකරුවෝ වෙති.
කටුනායක ගුවන් තොටුපළේ දී මෙම පිරිස වෙත සිය ගම්බිම් බලා පිටත්ව යාම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ප්‍රවාහන ගාස්තුද සැපයිනි.