ආබාධිත විශ්‍රාමික හමුදා සාමාජිකයන්ට ලබාදෙන දීමනා කප්පාදු කිරීමට රජය කටයුතු කර ඇති බවට “රණවිරු අපි වෙනුවෙන් අපි” එකමුතුව චෝදනා කරයි.
වයස අවුරුදු 55ට පෙර ආබාධිත හමුදා සාමාජිකයෙකු මියගියහොත් යැපෙන්නන්ට ලැබිය යුතු කිසිදු වරප්‍රසාදයක් ලබා නොදීමට රජය තීරණය කර ඇති බවද ඔවුහු සඳහන් කළහ.
මේ වන විට ආබාධ සහිත හමුදා සාමාජිකයන් දාහතර දහස් පන්සියයක් පමණ සිටින බවත් ඔවුන් අතරෙන් මේ වන විට සාමාජිකයන් බොහෝමයක් රෝගාතුරව මිය යන බවත් ඔවුහු පැවසූහ.
මෙලෙස වයස අවුරුදු 55 ට පෙර තම සාමාජිකයෙකු මිය ගිය හොත් ඔවුන්ගේ මවුපියන්ට හෝ බිරියට කිසිදු දීමනාවක් නොලැබෙන ලෙසට නව චක්‍රලේඛ සකස් කර ඇති බවද බවද ඔවුහු සඳහන් කළහ.
තිස් වසරක යුද්ධය අවසන් කළ හමුදා සාමාජිකයන්ට ආණ්ඩුව මෙලෙස අසාධාරණව සලකනු ලැබුවද දේශපාලකයන්ට වසර 5කින් පසුව සියලූ සියලු වරප්‍රසාද සහිතව විශ්‍රාම වැටුපක් ලබාගත හැකි බවද ඔවුහු පැවසූහ.
රටේ අනාගතය වෙනුවෙන් යුද්ධයට ඉදිරිපත් වී තම තරුණ ජීවිතය කැප කරන ලද ආබාධිත හමුදා සාමාජිකයන්ට අද කිසිදු පිළිගැනීමක් හෝ දිරිගැන්වීමක් හෝ නොමැති බවට ඔහු ඔවුහු චෝදනා කරති.
යුද්ධයේදී තම සාමාජිකයන් සමග කටයුතු කරමින් අනතුරු නිලධාරීන් අද පාර්ලිමේන්තුව ඇතුළේ ඉහළ තැන් වල සේවය කරන බවත් ඒ අතර ආරක්ෂක ලේකම් වරයෙකු සිටිය බවත් ඔහු එවකට ජනරාල්වරයෙකු බවත් ඔවුහු සඳහන් කළහ.
ආරක්ෂක ලේකම් ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශය කිසිවෙකු තම ආබාධිත සහිත විශ්‍රාමික හමුදා සාමාජිකයන් පිළිබඳව සොයාබලා කටයුතු නොකරන බවටත් ඔවුහු වැඩිදුරටත් චෝදනා කරති.