මෙවර අයවැය කාරකසභා අවස්ථා විවාදයේ දී කිසියම් අමාත්‍යාංශයක වැය ශීර්ෂයක් පරාජය කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විසින් කටයුතු කරනු ලැබුවහොත් අයවැය අවසන් වීමෙන් පසු වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට රජයේ ඉහළ පෙළේ අවධානය යොමුවී ඇතැයි විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
අයවැය දෙවන වර කියවීමේ අවස්ථාවේදී අයවැය පරාජයට පත් නොකළත් කාරක සභා අවස්ථාවේ දී අයවැයට විරුද්ධව ආණ්ඩුවට සම්බන්ධ මන්ත්‍රීවරුන් කිසියම් පිරිසක් කටයුතු කළහොත් මෙසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ක්‍රියාවලියට ආණ්ඩුව සූදානමින් සිටින බව වාර්තා වේ.
විශේෂයෙන්ම අයවැය කාරක සභා අවස්ථාවේදී අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කොට යම් ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය කිරීමට ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන් පිරිසක් රහසිගත සාකච්ඡාවක නිරත වී ඇති බවද දැනගන්නට ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවට සම්බන්ධ මන්ත්‍රීවරුන් පිරිසක් කැබිනට් ඇමැති ධුර දරන කිහිපදෙනෙකු අතර යම් මත ගැටුමක් පවතින බවත් එය අයවැය වැනි අවස්ථාවක ඊට උත්තේජනයක් බවත් ඇතැම් පාර්ශව වල මතය වී ඇත.
දැනටමත් මේ සම්බන්ධව ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් ද මෙවැනි සාකච්ඡාවක නිරත වී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
2024 අයවැය නොවැම්බර් මස 13 වැනිදා මුදල් ඇමති ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.