බදු දැලෙන් රිංගා යන ව්‍යාපාරිකයන් මෙන්ම බදු අය කර ගැනීම නිසි ලෙස ඉටු නොකරන නිලධාරීන් පිළිබඳව සොයා ගතයුතු හැකි පරිදි දත්ත එකතු කිරීමේ විද්‍යුත් ක්‍රමවේදය ලබන දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ උපදෙස් මත මේ වැඩසටහන ක්‍රියාත්මක වෙයි. මෙම තොරතුරු පද්ධතිය රැම්ප් ලෙස නම් කර ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යටතේ මෙම පද්ධතිය ක්‍රියාත්මක වෙයි.

බැංකු රේගුව සුරාබදු ආදී මුදල් ගනුදෙනු සිදුවන ආයතන ගණනාවක් මෙම රැම්ප් පද්ධතිය මගින් නිරීක්ෂණයට ලක් වෙයි. මෙම නව පද්ධතිය මගින් නිලධාරීන්ට ආදායම් බදු එකතු කර ගැනීමට පහසු වන අතර ආදායම් බදු නොගෙවා පැහැර හරින අය අනාවරණය කර ගැනීමටත් හැකියාව ලැබෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *