පළාත්පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව අධිකරණයේ පවතින නඩු අවසන් වන තෙක් ඡන්දය විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර අහෝසි කිරීමේ නීති සකස් නොකිරීමට රජය තීරණය කර ඇත.
පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් යාම නිසා අපේක්ෂකයන්ට දැඩි දුෂ්කරතාවලට මුහුණපෑමට සිදුවන බවට පවසමින් නාමයෝජනා පත්‍ර අහෝසි කිරීමට පසුගියදා රැස්වූ රාජ්‍ය පරිපාලන හා පලාත් සභා පලාත් පාලන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ දී තීරණය කර තිබිණි.
එහෙත් මැතිවරණය කල් දැමීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කිහිපයක්ම විභාග වෙමින් පැවතීම හේතු කරගෙනකරගෙන නාමයෝජනා පත්‍ර අහෝසි කිරීමට අදාල නීති ඉදිරිපත් නොකරන බව ආණ්ඩු පක්ෂ ජේෂ්ඨ මන්ත්‍රීවරයෙක් දිවයිනට පැවසීය.
මැතිවරණයට අදාළ නඩු කිහිපයක් ලබන මස මුල් සතියේ දී යළි විභාගයට ගැනීමට නියමිතය.