රජය විසින් ලබාගත් විදේශ ණය යටතේ මෙම වර්ෂයේ අප්‍රේල් මස තිස් වැනිදා වන විට ආපසු ගෙවීම සඳහා එකතු වී ඇති විදේශ ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 36.3 බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කොට ඇති වාර්තාවක සදහන් වේ.
රජය විසින් අනුගමනය කරනු ලැබූ අතුරු ප්‍රතිපත්තියට අනුකූලව ද්විපාර්ශික හා වාණිජ ණය හිමියන්ගේ විදේශ ණය ගෙවීම 2022 වර්ෂයේ අප්‍රේල් මස 12 වැනි දා සිට අත්හිටුවනු ලැබීය. ඒ අනුව 2022 වර්ෂයේ අප්‍රේල් මස 12 වැනි දා සිට 2023 වර්ෂයේ අප්‍රේල් මස අවසානය දක්වා නොපියවා ඇති ණය ප්‍රමාණයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 3.691 ක් බව මහ බැංකුව බැංකු වාර්තාවේ සඳහන් වෙයි. ඒ සදහා ගෙවිය යුතු පොලී ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1301කි.
කෙසේ වුවද දැනට පළ කර ඇති කතා අනුව ඉදිරි මාස තුනත් පහත් අතර කාලයේදී විවිධ සංවර්ධන ව්‍යාපෘති හා වැඩසටහන් වල උපයෝජනය වීමට නියමිතව ඇති විදේශ මූල්‍යනවල එකතුව මෙම වර්ෂයේ අප්‍රේල් මස තිස් වැනිදා වන විට ඩොලර් බිලියන 3.6 කි. මින් ඉහළම ණය ප්‍රමාණය චීනය විසින් ලබා දීමට නියමිතව ඇති අතර ඉතිරි මුදල් ජපානය ආසියානු සංවර්ධන බැංකුව ඉන්දියාව හා ලෝක බැංකුව විසින් ලබා දීමට නියමිත නියමිතව ඇති බවද මහ බැංකුවේ වාර්තාවේ සඳහන් වේ.