බීමත්ව රිය පදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයකු වන රවී සෙනවිරත්න මහතා නොවැම්බර් මස පළමු වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
රවී සෙනවිරත්න මහතා ද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස බන්ධනාගාර ගත කර ඇත.
ඊයේ රාත්‍රියේ වැල්ලවත්ත මුහුද ආසන්න මාර්ගයක දී බීමතින් රිය ධාවනය කරන රථ වාහන දෙකක් අනතුරට ලක් කිරීමේ සිද්ධියට අදාළව ඔහු වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
රවී සෙනරත් මහතා ධාවනය කළ මෝටර් රථය බස් රථයක සහ මෝටර් රථයක ගැටී ඇති බව පොලීසිය පැවසී ය.