විදේශ රැකියා සදහා මෙම වර්ෂයේ මුල් භාගයේ දී මසකට සාමාන්‍යයෙන් 24,481 දෙනෙකු පිටත්ව ගොස් ඇති අතර ඉන් වැඩිම පිරිසක් පිටත්ව ගොස් ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව ක සඳහන් වේ.

ඒ අනුව මෙම වර්ෂයේ මුල් මාස හයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 2822.6 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර මෙම වර්ෂයේ ජුනි මාසයේදී පමණක් විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලැබී ඇති ප්‍රේෂණ මුදල ඩොලර් මිලියන 475.7ක් බවද සදහන් වෙයි.

මෙම වර්ෂයේ දෙවැනි කාර්තුවේ දී වැඩිම ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී ඇත්තේ කුවේට් කටාර් සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය යන රටවල් වලින් බවද මහ බැංකුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *