දිවයින පුරා ඩෙංගු අවදානම් කලාප සංඛ්‍යාව මේ වන විට 24 දක්වා ඉහළ නැග ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා ඊයේ පැවසීය.

ඉදිරියේදී ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් නිරීක්ෂණ වෙමින් තිබෙන බවද හෙතෙම කීය

මේ වසරේ මේ දක්වා වූ මාස 10 ක කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 67,909 දෙනකු වාර්තා වී ඇති බව හෙතෙම කියා සිටියේය.

එසේම මෙම කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු මරණ තිස් නවයක් වාර්තා වන බව ද බව ද ඒ මහතා සඳහන් කළේය.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූයේ බස්නාහිර පළාතෙන් බවත් එම සංඛ්‍යාව 32,606 බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *